අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප

June 23, 2025   03:34 pm

ජනපති සමාව අවභාවිත කරමින් වෙනත් සිරකරුවෙකු මුදා හැරි බවට චෝදනා එල්ල වූ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබේ.

ඒ අනුව බන්ධනාගාර අධිකාරීවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

එමෙන්ම ඔහුට විදෙස් ගමන් තහනමක්ද පැනවීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

නඩුව එළැඹෙන අගෝස්තු 04 වැනි දින නැවත කැඳවීමටද නියමිතය.