උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

June 23, 2025   03:35 pm

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 මැයි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ.

2025 අප්‍රේල් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -0.8%ක් ලෙසිනි.

අප්‍රේල් මාසයේ දී 2.9 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ දී  5.9%ක් දක්වා වැඩි වී ඇති අතර අප්‍රේල් මාසයේ දී -3.7 %ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ දී -3.4% ක් දක්වා වැඩි වී ඇත.