ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයෙන් හදිසි රැස්වීමක්

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයෙන් හදිසි රැස්වීමක්

June 22, 2025   02:54 pm

අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

ඉරානයේ උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට (23) දිනයේ මෙම රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ.

අමෙරිකාව සිදුකළ ප්‍රහාර පිළිබඳව විමර්ශනයක් අවශ්‍ය බවට ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් ප්‍රධානී මොහමඩ් එස්ලාම් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය වෙත ලිඛිත දැනුම් දීමක්ද මේ වනවිට සිදුකර ඇත.

අමෙරිකානු ප්‍රහාරය හෙළා දකින ලෙසද එහි ඉරානය ඉල්ලා ඇති බව සඳහන්.

මේ අතර අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර හේතුවෙන් විකිරණ මට්ටමේ වැඩිවීමක් සිදුව නොමැති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය තහවුරු කර තිබේ.