අමෙරිකානු ප්‍රහාර හමුවේ තෙල් මිල ඉහළ යාමේ අවදානමක්

අමෙරිකානු ප්‍රහාර හමුවේ තෙල් මිල ඉහළ යාමේ අවදානමක්

June 22, 2025   02:54 pm

අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ඉන්ධන මිල ඉහළ යා හැකිබව විදෙස් මාධ්‍ය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආයෝජකයින් පවසා ඇත්තේ මෙම මිල ඉහළ යාම දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවයි.

නමුත් අද (22) දිනයේ මැද පෙරදිග කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සඳහා එය එතරම් බලපෑමක් එල්ල කර නොමැති බවද වාර්තා වේ.

පසුගිය ජුනි 13 වන දින ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ තෙල් මිල 11% කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.