ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී සම්මාන දිනාගත් ක්‍රිකට් තරු මෙන්න
June 9, 2025 10:22 pm
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල අද (09) කොළඹදී පැවැත් විය.
මෙම සම්මාන උළෙලේදී 2024 වසරේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා මත සම්මාන ප්‍රධානය කර තිබුණි
ඒ අනුව 2024 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය කමිඳු මෙන්ඩිස් විසින් දිනා ගත් අතර 2024 වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත්තේ චමරි අතපත්තුය.
එම සම්මාන උළෙලේදී 2024 වසරේ හොඳම එක්දින පිතිකරු ලෙස පැතුම් නිස්සංක සම්මානය දිනා ගත් අතර එම වසරේ හොඳම එක්දින පන්දු යවන්නා ලෙස වනිඳු හසරංග සම්මානය දිනාගත්තේය.
එමෙන්ම 2024 වසරේ හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස චරිත් අසලංක සම්මානය දිනා ගත් අතර එම වසරේ හොඳම 20යි 20 පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් සම්මානය දිනාගත්තේය.
2024 වසරේ හොඳම 20යි 20 පන්දු යවන්නා සහ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ වනිඳු හසරංගය.
මේ අතර 2024 වසරේ හොඳම ටෙස්ට් පිතිකරු ලෙස කමිඳු මෙන්ඩිස් සම්මානය දිනා ගත් අතර එම වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය සම්මානය දිනා ගත්තේය.
2024 වසරේ හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා වූයේ ධනංජය ද සිල්වාය.
2024 වසරේ වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේ ලෙස ජනිත් ලියනගේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩාමේ නායිකා චමරි අතපත්තු 2024 වසරේ හොඳම 20යි 20 පිතිකාරිණිය, පන්දු යවන්නිය සහ තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
මීට අමතරව ඇය විසින් 2024 වසරේ එක්දින පිතිකාරිණිය සහ තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනාගත්තාය.
මේ අතර කවීෂා දිල්හාරි 2024 වසරේ හොඳම එක්දින පන්දු යවන්නිය සම්මානය දිනා ගත්තාය.