පිලිපීනය ගුවන් බලය වැඩිකර ගැනීමට සැරසෙයි
සයුරෙන් එතෙර

පිලිපීනය ගුවන් බලය වැඩිකර ගැනීමට සැරසෙයි

June 7, 2025   11:06 am

පිලිපීනය දකුණු කොරියාවෙන් නවීකරණය කරන ලද FA-50 ප්‍රහාරක ජෙට් යානා 12ක් මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ තරඟකාරී දකුණු චීන මුහුදු කලාපය තුළ චීනයෙන් එල්ල වන පීඩනය ඉහළ යාම හමුවේ පිලිපීනය මෙලෙස සිය ගුවන් ආරක්ෂාව ශක්තිමත් කරමින් සිටින බවය.

ඉකුත් සතියේ අත්සන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 700ක කොන්ත්‍රාත්තුවට අනුව 2026 සහ 2030 අතර කාලය තුළ පිලිපීනයට එම ප්‍රහාරක යානා හිමිවනු ඇත. 

පිලිපීනය මීට පෙර එනම් 2014 වසරේදී ද දකුණු කොරියාවෙන් FA-50 වර්ගයේ ප්‍රහාරක යානා 12ක් මිලදී ගෙන තිබේ.

ඉන් එකක් ඉකුත් මාර්තු මාසයේදී දකුණු පිලිපීනයේ මෙහෙයුමක් අතරතුර කඩා වැටී තිබුණි.

නවතම FA-50 Block 70 වර්ගයේ ජෙට් යානා ඉහළ හැකියාවන්ගෙන් සමන්තිව බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිලිපීන ගුවන් හමුදාව දැනට ගුවන් මුර සංචාර සහ ප්‍රහාරක පුහුණු මෙහෙයුම් සඳහා FA-50 භාවිත කරයි.