සයුරෙන් එතෙර
පිලිපීනය සහ අමෙරිකාව හමුදා අභ්‍යාසයක
June 7, 2025 10:41 am
පිලිපීනය සහ අමෙරිකානු හමුදාව දකුණු චීන මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් පවත්වා තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ දෙපාර්ශ්වය අතර පැවැත්වෙන වාර්ෂික නාවික හමුදා අභ්‍යාසයේ හත්වන අදියර එලෙස පැවැති බවය.
එම අභ්‍යාසය ජාත්‍යන්තර නීතියට අනුකූලව සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් සිදුකළ බව පිලිපීන සන්නද්ධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
දකුනු චීන මුහුදු කලාපය තුළ චීනයෙන් එල්ල වන පීඩනය ඉහළ යාම හමුවේ පිලිපීන ජනාධිපති අමෙරිකාව සමග පවතින සබඳතා ශක්තිමත් කර තිබේ.
ඒ අතරින් ආරක්ෂක අංශය ඔස්සේ දෙරට අතර ගනුදෙනු කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.