නවසීලන්ත ක්රිකට් නව පුහුණුකරු නම් කෙරේ
June 6, 2025 02:16 pm
නවසීලන්ත ක්රිකට් කණ්ඩායමේ නව ප්රධාන පුහුණුකරු ලෙස දකුණු අප්රිකානු ජාතික රොබ් වෝල්ටර් පත්කර ඇත.
නවසීලන්ත ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියේ, ඔහු සියලුම ආකෘති වෙනුවෙන් කටයුතු කරන බවයි.
වෝල්ටර්, වසර 3ක කාලයක් නවසීලන්ත ක්රිකට් සමගින් ගිවිසුම්ගත වී ඇත.
දකුණු අප්රිකානු එක්දින හා විස්සයි20 ක්රිකට් කණ්ඩායම්හි හිටපු ප්රධාන පුහුණුකරු වන වෝල්ටර්, සිය කොන්ත්රාත් කාලය අවසන්වීමට වසර 2ක් තිබියදී ඉන් ඉවත්විය.
ඔහු 2023 එක්දින ලෝක කුසලානයේ සහ 2025 චැම්පියන්ස් කුසලානයේ අවසන් පූර්ව වටයට මෙන්ම 2024 විස්සයි20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට දකුණු අප්රිකාව රැගෙන ගිය පුහුණුකරු වේ.
ඒ අනුව වෝල්ටර්ගේ පළමු වගකීම් එළැඹෙන ජූලි මස දකුණු අප්රිකාවේද සහභාගිත්වයෙන් සිම්බාබ්වේ හිදී පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලිය වනු ඇත.
නවසීලන්ත ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ගැරී ස්ටෙඩ්ගේ ධුර කාලය අවසන්වීමෙන් පසු එය දීර්ඝ නොකිරීමට නවසීලන්ත ක්රිකට් ආයතනය තීරණය කළේය.