වව්නියාවේ නිවසක ගෙවත්තක අඩි 9ක් දිග කිඹුලෙක්

වව්නියාවේ නිවසක ගෙවත්තක අඩි 9ක් දිග කිඹුලෙක්

June 6, 2025   01:08 pm

වව්නියාව, කොක්එළිය ප්‍රදේශයේ නිවසක ගෙවත්තකට ඊයේ (5) අඩි 09ක් පමණ දිගැති කිඹුලෙකු පැමිණ තිබේ.

වවුනියාව වනජිවි කාර්යාලය දන්වා සිටියේ, ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත කිඹුලා අල්ලාගත් බවය.

ආහාර සොයාගෙන අදාළ කිඹුලා ගෙවත්තට පැමිණෙන්නට ඇති බව වනජිවි නිලධාරීන් පවසයි.

අල්ලාගත් කිඹුලා ප්‍රදේශයේ ජල පෝෂක රක්ෂිතයකට මුදාහැරීමට වනජිවි නිලධාරීන් කටයුතු කර ඇත.