පලා ගිය සිරකරුවන් සොයා පාකිස්තානයේ මෙහෙයුමක්
සයුරෙන් එතෙර

පලා ගිය සිරකරුවන් සොයා පාකිස්තානයේ මෙහෙයුමක්

June 5, 2025   04:20 pm

පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි බන්ධනාගාරයකින් පලා ගිය සිරකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට මාධ්‍ය වාර්තා කරයි.

භූ කම්පනවල බලපෑම් හේතුවෙන් ඉකුත් සඳුදා සිරකරුවන් 200 කට අධික පිරිසක් බන්ධනාගාරයෙන් පළා ගොස් තිබුණි.

එරට මාධ්‍ය පවසන්නේ ඉන් පිරිසක් යළි අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුවද තවත් 100 කට වැඩි පිරිසක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවය.

එරට මාධ්‍ය වාර්තා අනුව සිරකරුවන් 216 දෙනෙකු සින්ද් පළාතේ අගනුවර පිහිටි මාලිර් බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බවය. 

ඉන් 78ක් යළි අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවසෙයි.

පසුව ඇතිවූ වෙඩි හුවමාරුවේදී එක් සිරකරුවෙකු මියගොස් ඇති අතර ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.