මුදල් වංචාකළ චීන කතක් අත්අඩංගුවට

මුදල් වංචාකළ චීන කතක් අත්අඩංගුවට

June 5, 2025   10:10 am

මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චීන ජාතික කාන්තාවක් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවට සංචාර වීසා ලබාදෙන පව පවසා රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීම, අමෙරිකානු ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් එක් ලක්ෂ 91,600ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අදාළ කාන්තාවට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව විමර්ශන පැවැත් වූ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි චීන ජාතික කාන්තාවක් වන අතර කොළඹ වංචා විමර්ශන කාර්යාංශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.