ගිය වසර ගෙවී ගියේ මෙහෙමයි
January 1, 2012 08:19 am
21 වැනි සියවසේ 12 වැනි වර්ෂය හෙවත් 2012 වසර උදා වී දැනටමත් පැය කිහිපයක් ගතව අවසන්ය.
බිලියන 07ක් වන ලෝක ජනගහනයට මිලියන 20කින් දායකත්වය දක්වන ශ්‍රී ලාංකිකයන්, ජාතියක් වශයෙන් අලුත් ඉතිහාසයක් සිත්තම් කළ යුතු වසරක් ලෙස මේ වසර සැලකිය හැකිය.
නව වසර වඩා සාර්ථක කරගැනීමට ගෙවී ගිය වසරේ මතකයේ රැඳුනු තැන් අවදි කරගැනීම ඉතා වැදගත්ය. ඡන්දයට කැමති මෙරට ජනතාවට එහි අත්දැකීම් සඳහා අවස්ථාව උදාකරමින් පළාත් පාලන ආයතන 308ක් විසුරුවා හැරීම 2011 වසර ආරම්භයේ දී සිදුවිය.
අදියර 03ක් යටතේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පළමු අදියර මාර්තු 17 වැනිදාත් දෙවන අදියර ජූලි 23 වෙනිදාත් තුන් වන අදියර ඔක්තෝම්බර් 08 වැනිදාත් පැවැත්විණි. සුපුරුදු පරිදි එම මැතිවරණවල ජය අත්කර ගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද පසුගිය වසර ජයග්‍රාහීව නිමකර ගැනීමට හැකිවිය. ඒ දෙසැම්බර් 19 වැනිදා පැවති ඡන්දයෙන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඔහුට ලැබීම හේතුවෙනි. මාර්තු 24 වැනිදා සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායකත්වය හිමිවු අතර ලබන වසර සඳහා ද එය රැකගැනීමට ඔහු සමත්විය.
2011 වසරේ දී එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංස්කරණ බලවේගයන්ට පැහැදිලි වෙනසක් අත්වුයේ නැත. අවසන් ඡන්ද විමසීමේ දී සිරිකොත වැනසීමට පාක්ෂිකයන් කටයුතු කිරීම හේතුවෙන් මේ වසරේ දී එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවේ.
මතවාදී බෙදීමක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ද පසුගිය වසරේදී දෙකඩවිය.
පසුගිය වසර කලහාකාරී සිදුවීම් රැසකට මඟපැදුණු වසරක් වු අතර අනුරාධපුර බන්ධනාගාරය තුළ රැඳවියන් සහ නිලධාරීන් අතර ජනවාරියේ දී ඇතිවු ගැටුමකින් අයෙකු මියගොස් තවත් 19 දෙනෙක් තුවාල ලැබුහ. එම තත්ත්වය වසර අවසන් වනතෙක්ම අවස්ථා කිහිපයකදී බන්ධනාගාරවල ව්‍යාප්ත විය.
කොන්ත්‍රාත් මගින් පොලිසියේ ඇතැම් නිලධාරීන් පුද්ගල ඝාතන සිදුකරන බවට තොරතුරු අනාවරණය වුයේ පසුගිය වසරේදීය. අම්පාර පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු එකිනාකාට වෙඩි තබාගනිමින් මියගිය අතර මොරටුව ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු කඩු පහරකින් මරුමුවට පත්විය. පොලිසියේ අත්නෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් දොම්පේ ප්‍රදේශය යුධ පිටියක් බවට පත්වු අතර පොලිස්පති මහින්ද බාලසූරිය මහතා එම සිද්ධිය මත ඉල්ලා අස්වීමට ද තීරණය කළේය. අඟුලාන ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ පොලිස් නිලධාරීන් සිව් දෙනාට ද මරණ දඩුවම හිමිවිය. ඉකුත් වසරේ චීන ජාතිකයින් පස් දෙනෙකුට ද මරණ දඩුවම නියම විය. නේවී අසංග කැලණි ගඟට පැන දිවිනසා ගත්තේත් පොලිස් අත්අඩංගුවේ සිටියදීය. මොහොමඩ් ෆෙරෝස් නැමැති පතාල නායකයා සුදූ වැන් රථයකින් පැහැර ගැනුනේ පසුගිය වසරේදීය. රාගම දේවාලයේ ලොකු සීයාගේ මළ සිරුර ද මුහුදු වෙරළක තිබී හමුවිය.
පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුපක් සම්බන්ධ යෝජනාවකට විරෝධය පළ කෙරුණේ රෝෂේන් චානක තරුණයාගේ ජිවිතය බිල්ලට දෙමිනි. ආණ්ඩුව එම පනත හකුලා ගත්තත ද නොවැම්බර් 08 වැනිදා පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීමේ පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත කර ගන්නා ලදී. එහෙත් එළවළු සහ පලතුරු ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්යය කිරීමට ආණ්ඩුව දැරූ උත්සාහය පසුගිය වසරේ දී සාර්ථක කරගැනීමට හැකි වුයේ නැත.
2011 වසර මාධ්‍යය සම්බන්ධයෙන් ද වැඩි කතාබහට ලක්වු වසරකි. ලංකා ඊ නිව්ස් කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ගිනි තැබු අතර ලංකා පුවත්පතේ කර්තෘ විටෙකද තවත් විටෙක කළමනාකාර අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගැනීම , උදයන් පුවත්පතේ හිමිකරුට මරණීය තර්ජන එල්ල කිරීම,උදයන් කර්තෘට ප්‍රහාරයක් එල්ලවීම ඇතුළු සිදුවීම් රැසක් සිදුවිය. ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් තහනමට ලක්වුයේ ද 2011 වසරේදී ය..
උපේක්ෂා ස්වර්ණමාලී මන්ත්‍රීවරියට සිය සැමියා විසින් එල්ල කළ පහරදීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු අතර නළු නිළියන් ගණිකා වෘත්තියේ නියැලීමත් ටෙලිනාට්‍යය නළුවන් අපරාධ කල්ලි මෙහෙයවීමත් පිළිබඳ තොරතුරු වාර්තා විය. ජෝ අබේවික්‍රමයන් , ටයිටස් තොටවත්තයන්,කේ ජයතිලකයන්,ඔරුවල බන්දු සහ අරිසෙන් අහුබුදු ශූරීන් දැයෙන් සමුගත්තේ ද 2011 වසරේදී ය. රජයට සම්බන්ධ දේශපාලනඥයන්ගේ ගිනි අවි භාවිතය ඉහළ ගොස් තිබු අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ ඔහුගේ ආධාරකරුවන් වෙඩි වරුසාවකට මැදිව ජිවිතයෙන් සමුගත්හ. සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 15 වැනිදා නියෝගයක් නිකුත් කර ඇත. වෙඩි ප්‍රහාරයකට ලක්වුණු දුමින්ද සිල්වා මහතා තවදුරටත් විදෙස් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
වසර අවසානයේ දී වාර්තා වු තවත් සිදුවීමක් වුයේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සිය ගිනි අවියෙන් විදේශීය ජාතිකයෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වීමයි.
අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද 2011 වසර ඉතා වැදගත්ය. මාතර දිසා විනිසුරුවරයාගේ නිල රථය නතර කර ඔහුගේ බිරිඳට පහරදීම පිළිබඳ පුවතක් මැයි 22 වැනිදා වාර්තා වු අතර මෙරට අධිකරණ ක්ෂේත්‍රය පිළිබඳ වැඩි කතාබහක් ඇතිවිය. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා කළ කී දෑ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට ද යෝජනා කෙරුණි. සුදුකොඩි නඩුවේ වැරදිකරු වු සරත් ෆොන්සේකා මහතා වසර 03කට සිරගත කෙරුණේ බෙදුනු නඩු තීන්දුවකිනි. එදින අධිකරණය යුධ පිටියක් බවට පත්විය.
සැක කටයුතු පුද්ගලයන් කහවත්ත ප්‍රදේශයේ කාන්තාවන් ඝාතනය කිරීම මහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතුවිය. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් දැඩි විරෝධතා පැවති අතර තොටගල වතුයායට පැමිණි ආගන්තුකයන් දෙදෙනෙකු මරුමුවට පත්වුයේ ද මේ හේතුව නිසාය. මෙම තත්ත්වය මත පොලිසියට සහ හමුදා කඳවුරුවලට පහරදීමට ද වැසියන් පෙළඹුනු අතර එමගින් පුද්ගලයන් සිව් දෙනෙකු මරුමුවට පත්විය. මහ මග හිඟන්නන් ගල් ගසා මරාදමන තත්ත්වයක්ද වර්ධනය වූ අතර එක් සැකකරුවකු වර්ෂය අවසාන කාලය තුළ අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.
සිසුන්ට ද පසුගිය වසර එතරම් සුවදායි වුයේ නැත. නිලාවේලී මුහුදේ ගිලී වලපනේ ප්‍රදේශයේ පාසල් සිසුන් තුන්දෙනෙක් මියගිය අතර අල්ගම දියඇල්ලේ දී උසස් පෙළ සිසුන් දෙදෙනෙකුගේ ජීවිත අහිමිවිය. උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර තුරදි තෙලිජ්ජවිල පාසලක දස හැවිරිදි දැරියක ආරක්ෂක අංශ සාමාජිකයකු වෙතින් දූෂණයට ලක්වුයේ පසුගිය වසරේ සැප්තැම්බර් දෙවැනිදාය. උසස් පෙළ ප්‍රතිඵල නිවැරදිව නිකුත් කිරීමට විභාග කොමසාරිස්වරයාට හැකියාව නොලැබුණු වසරක් ලෙස ද 2011 වසර පොත් අතරට එක්වෙයි. අද සිට නව විභාග කොමසාරිස් ලෙස ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා වැඩ භාරගනියි.
ගුවන් හමුදාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් පුහුණුව ලබමින් සිටි කෆීර් යානා දෙකක් විනාශ වු අතර බල පන්ති ලුතිනන් මොනාත් පෙරේරා දැයට අහිමි වුයේ ද පසුගිය වසරේදී ය. කරන්දෙනිය බොරකන්ද රජයේ රෝහලේ වෛද්‍යවරයා ඝාතනයට ලක්වු අතර එප්පාවලදී හමුදා සෙබලෙකු සහ සොහොයුරියන් දෙදෙනෙකු ගෙල වැළලාගෙන දිවිනසාගෙන තිබුණේ ද පසුගිය වසරේ අගභාගයේදී ය. ඉඩම් ආරවුලක් මත එකම පවුලේ සිව් දෙනෙකු ඝාතනය කළ පුවත ද පසුගිය මාසයේ දී වාර්තා විය. උඩවලවේ එකම පවුලේ සිව් දෙනෙකු ඝාතනයට ලක්වීම පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙයි.
බැංකී මුන් පත් කළ දරුස්මාන් වාර්තාව අප්‍රේල් 20 වැනිදා ප්‍රකාශයට පත්විය. ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රි ලංකා රජය ද වාර්තාවක් සකස් කරන ලදී. චැනල් ෆෝ නාලිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට දැවැන්ත ලෙස වීඩියෝ ප්‍රචාර ගෙන ගියේය. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව පසුගිය මාසයේ දී ජනාධිපතිවරයාටත් පසුව එය පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කෙරුණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැප්තැම්බර් 23 වැනිදා එක්සත් ජාතීන්ගේ 66 වන සමුළුව ඇමතූ අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය සැසියට ද සහභාගී විය. නොවැම්බර් 21 වැනිදා අය වැය ඉදිරිපත් කළ ජනාධිපතිවරයා මෙරට ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කළේය. නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංඟායතනය ඇතුළු අංග රැසක් ජාතියට දායද වුයේ ද පසුගිය වසර අවසාන අදියර තුළදීය. ලෝක ආර්ථික අර්බුද , ස්වභාවික ව්‍යසන , පළිගැනීම් , කෙණහිලිකම් හමුවේ ශ්‍රී ලංකාව යම් තීරණාත්මක ගමනක් ගිය වසරක් ලෙස 2011 වසර හැඳින්විය හැකිය. මේ වසරේ දී ශ්‍රී ලංකාව ආශ්චර්යයට යන ගමනේ වැදගත් සංධිස්ථානයක් වනු දැකීම සැමගේ අභිලාෂය යි.