මෙවර IPL කිරුළ වෙනුවෙන් පන්ජාබ් කිංග්ස් පිලට ලකුණු 191ක ඉලක්කයක්
June 3, 2025 09:31 pm
ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් සහ පන්ජාබ් කිංග්ස් අතර අහමදාබාද් හිදී අද (03) ආරම්භ වුණි.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 190ක් රැස් කළේය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 191කි.