සෙවනගල සීනි කම්හලේ අර්බුදය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

සෙවනගල සීනි කම්හලේ අර්බුදය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

May 29, 2025   09:31 pm

සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කරන පුවත අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ නිවේදනයක ඒ බව දැක්වෙයි.

ලංකා සීනි සමාගම හෝ වත්මන් රජය විසින් එවැනි තීරණයක් ගැන සාකච්ඡා කොට නොමැති බවත් මෙම පුවත තුළ අඩංගු උක් අස්වැන්න මිලදී නොගන්නා බවට පළවන කරුණු ද සාවද්‍ය බවත් එහි තවදුරටත් දැක්වෙයි.

අදාළ නිවේදනය පහතින්,

සෙවණගල සීනි කර්මාන්ත ශාලාව (1) by poornima on Scribd