ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

June 1, 2025   10:52 am

ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසයි.

ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල ගණන් මෙම මාසය සඳහා ද නොවෙනස්ව පවතින බව එම සමාගම පෙන්වාදෙයි.

පසුගිය අප්‍රේල් මාසයේ අවසන් වරට ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවූ අතර එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168කින් ඉහළ නැංවුණි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 ක් වන බව ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කළේය.

මේ අතර ජුනි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුකරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව "අද දෙරණ" කළ විමසීමක දී එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය.