කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

May 29, 2025   12:47 pm

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එය හෙට (30) දහවල් 12.30 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රතු නිවේදනය නිකුත් කර ඇත.

එම ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව ඉහළ මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇත.