පදිකයා හප්පා පලාගිය මෝටර් රථය
May 28, 2025 04:02 pm
අද (28) අලුයම පෙරියනිලාවෙනි පොලිස් වසමේ පෙරියනිලාවෙනි ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද අලුයම කල්මුණ දෙස සිට මඩකලපුව දෙසට ගමන්ගත් මෝටර් රථයකින් පදික පුද්ගලයෙකු හප්පා පලා ගොස් ඇති බවය.
පසුව පොලිස් නිලධාරීන් විසින් තුවාලකරුව කල්මුණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත දේහය කල්මුණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
පෙරියනිලාවෙනි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.