නිළි රැජින මාලනියගේ දේහය මහජන අද චිත්‍රපට සංස්ථාවට

නිළි රැජින මාලනියගේ දේහය මහජන අද චිත්‍රපට සංස්ථාවට

May 25, 2025   07:23 am

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා අද (25) ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමට නියමිතව තිබේ.

දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබෙන අතර, හෙට දිනයේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ද  මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇත.