වනඅලි පහරදීමකින් 7 හැවිරිදි දරුවෙක් මියයයි
May 25, 2025 03:43 pm
ගෝමරන්කඩවල ඉදිකටුවැව ප්‍රදේශයේදී වනඅලි පහරදීමකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.
අලුයම රැකියාවට පිටත්ව යන පියා සමග පාපැදියකින් ප්‍රධාන මාර්ගයට පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
වනඅලියා පාපැදියට පහරදීමත් සමග පියා විසිවී ඇති අතර, එහිදී දරුවාට පහර දී ඇති බව සඳහන්.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දරුවා එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මේ අතර අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර යන ප්‍රදේශවල වනඅලි ගම් වැදීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටියි.
සිය දෛනික කටයුතුවලට පවා මේ වනවිට බාධා එල්ල වී ඇති බව එම ප්‍රදේශවල ජනතාව පවසති.