අයහපත් කාලගුණයෙන් පාකිස්තානයට දැඩි බලපෑම්
May 25, 2025 05:57 pm
පාකිස්තානයේ ඊසානදිග සහ නිරිතදිග ප්‍රදේශවලට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම 90කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීන් පවසයි.
බොහෝ මරණ පළාත් අගනුවර වන ලාහෝර්, ජෙලම්, සියල්කොට් සහ මුසෆරගාර් දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ තද සුළං සහ අකුණු සැර වැදීමෙන් ඊසානදිග පන්ජාබ් සහ වයඹදිග කයිබර් ෆක්ටන්ක්වා (කේ.පී.) පළාත්වලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.
එහි නිවාස රැසක් කඩාවැටී ඇති අතර, බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී පහත් ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.