රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන වැසියන් 12කට දිවි අහිමි වෙයි

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන වැසියන් 12කට දිවි අහිමි වෙයි

May 25, 2025   03:57 pm

රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේන වැසියන් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ (24) රාත්‍රියේ සිදුවු මෙම ප්‍රහාර වලින් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් වේ.

රුසියාව යුක්‍රේනයට එල්ල කළ දරුණුතම ප්‍රහාරයෙන් පසුව ඊයේ දිනයේ මෙම ප්‍රහාරය සිදුව ඇති බව වාර්තා වේ.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිරකරුවන් හුවමාරු කර ගැනීම් සිදු වූ ද රුසියාව සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම් නොසලකා හැර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.