තවත් බස් රථයක් අනතුරක - 7ක් රෝහලට

තවත් බස් රථයක් අනතුරක - 7ක් රෝහලට

May 24, 2025   04:17 pm

වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ දී ලංගම බස් රථයක පිටුපස, වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් අද (24) අනතුරක් සිදු වී තිබේ.

මෙම අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් ඇතුළු හත් දෙනෙකු පමණ තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් හම්බන්තොට මහ රෝහලට මාරු කිරීමට පියවර ගෙන ඇත.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.