තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

May 24, 2025   03:49 pm

දිවයිනේ නිරිත දිග කොටසේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

හෙට පස්වරු 2.00 දක්වා වලංගු වන පරිදි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර හා සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙම වැසි තත්ත්වය ඇති විය හැකි බවය.

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍ර දේශවලට පවතින මෙම වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුල ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරු මැද, වයඹ  හා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් තරමක තද සුළං ඇතිවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.