සයුරෙන් එතෙර
ගෝලීය ගැටලු ගැන සාකච්ඡාවක්
May 22, 2025 04:40 pm
ඩෙන්මාර්කයේ සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ඩෙන්මාර්කයේ අගමැතිනිය හමුවී තිබේ.
එහිදී අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරිය වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පුද්ගලික සුබ පැතුම් එක්කර ඇත.
එමෙන්ම ඩෙන්මාර්කය සමග හරිත උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ඉන්දියාවේ කැපවීම ද ඔහු නැවත තහවුරු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම තමන්ව ඩෙන්මාර්කය වෙත උණුසුම් අයුරින් පිළිගැනීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරියට ස්තූතිය පළ කර ඇත.
ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී ඩෙන්මාර්කය ලබාදුන් සහයෝගීතාවයට ද ඉන්දීය රජය වෙනුවෙන් විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ස්තූතිය පළ කර තිබේ.
මෙම හමුවේදී අමාත්‍ය ජයශංකර් සහ ඩෙන්මාර්කයේ අග්‍රාමාත්‍යවරිය ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාවය ඇතුළු අන්‍යොන්‍ය වැදගත්කමක් ඇති කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳවද සාකච්ඡා කර තිබේ.