වන්කඩේ පිටියෙන් ඉන්දීය හමුදාවට උත්තමාචාර
May 22, 2025 03:29 pm
IPL තරගාවලියේ ඊයේ (21) වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවති මුම්බායි ඉන්දියන්ස් හා දිල්ලි කැපිටල්ස් අතර තරගයේදී මුම්බායි ක්‍රීඩාලෝලීන් ඉන්දීය හමුදාවට උත්තමාචාර පුදකර සිටියේය.
පාකිස්තානයට එරෙහිව ගොඩනැගී තිබෙන රාජත්‍රාන්තික අර්බුදයේදී, ඉන්දීය හමුදාවන් සිය භූමිය රැකගැනීමට දරන්නා වූ කැපවීමට උපහාරයක් ලෙසින් ක්‍රීඩාලෝලීන් මෙහිදී ඉන්දීය හමුදා නිලධාරීන්ගේ රූප සහිත ධජයක් එසවීමට කටයුතු කර ඇත.
එමෙන්ම මෙහිදී එම රසිකයන් 'භාරත් මාතා කි ජායි' (භාරත මාතාවට ජයවේවා) යනුවෙන් හඬනගනු ලැබීය.
මේ අතර ඊයේ පැවති මෙම තරගය කණ්ඩායම් දෙකටම එක ලෙස වැදගත් වූ තරගයක් විය.
ඒ ජයගන්නා කණ්ඩායමට අවසන් තරග වටයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට මෙහි ජය අනිවාර්ය වී තිබීමයි.
ඒ අනුව මෙම තීරණාත්මක තරගයෙන් දිල්ලි කැපිටල්ස් ලකුණු 59කින් පරාජය කිරීමට 5 වරක් IPL ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
පන්දුවට පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස දිල්ලි කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 121ක් පමණයි.
මෙවර IPL තරගාවලියේ අවසන් තරග වටය සඳහා මේ වනවිට ගුජරාට් ටයියන්ස්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්, පංජාබ් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් සුදුසුකම් ලබා සිටියි.