ඉන්දීය ජනතාවගෙන් තුර්කියට විරෝධයක්
සයුරෙන් එතෙර

ඉන්දීය ජනතාවගෙන් තුර්කියට විරෝධයක්

May 22, 2025   02:58 pm

ඉන්දියාව තුළ තුර්කියට එරෙහිව ප්‍රබල විරෝධයක් ගොඩ නැගෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊට හේතූවී ඇත්තේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව තුර්කිය, ඉන්දු - පාකිස්තාන අර්බුදයට මැදිහත්වීම සහ එහිදී පාකිස්තානයට සහාය දැක්වීම බවද පැවසෙයි.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ඉන්දීය වැසියන් දැඩි ලෙස තුර්කිය ප්‍රතික්ෂේප කරමින් සිටී.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානය සමඟ ඇතිවූ ගැටුමෙන් පසුව ඉන්දීය සමාජය තුළ දේශප්‍රේමී හැඟීම් ඉහළ මට්ටමකට වර්ධනය වී ඇති බවය.

එමෙන්ම ඉන්දියාව තුළ තුර්කි සම්භවයක් ඇති භාණ්ඩ වර්ජනය කරමින් ඇති බවත් පැවසෙයි.