වත්කම් හා බැරකම් ගැන පශ්චාත් විශ්‍රාම ප්‍රකාශය සම්බන්ධයෙන් දැනුම්දීමක්
May 22, 2025 12:04 pm
2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත බලාත්මක වීමත් සමඟ, එහි II වන කොටස යටතේ වූ වත්කම් හා බැරකම් ප්‍රකාශ පිළිබඳ මධ්‍යම අධිකාරිය වශයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාකරනු ලබයි.
ඒ අනුව, නව පනත යටතේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික ඉදිරිපත් කිරීමේ පද්ධතියක් තුළින් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම හා සත්‍යායනය කිරීම බලාත්මක කරන තෙක්, වත්කම් හා බැරකම් ප්‍රකාශ මුද්‍රිත ආකෘතියක් භාවිතයෙන් ඉදිරිපත් කිරීම සඳහා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.
2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 80 වගන්තියේ සඳහන් සෑම තැතැත්තෙකුම වත්කම් සහ බැරකම් ප්‍රකාශ සිදු කරනු ලැබිය යුතු අවස්ථා පනතේ 82 (1), (2) හා (3) උප වගන්තිවල දක්වා ඇති අතර, නියෝග මඟින් නියම කළ ආකෘතියට අනුව ඉදිරිපත් කළ යුතු වේ.
මෙම ආකෘතිය, 2025.03.20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2428/43 මඟින් පළකර ඇත.
මීට අදාළ ගැසට් පත්‍රය, චක්‍රලේඛය, ඩිජිටල් ආකෘතිය, එය සම්පූර්ණ කිරීම සඳහා මාර්ගෝපදේශය සහ අදාළ ඇමුණුම් කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ https://www.ciaboc.gov.lk/declaration-of-assets- v/circular මේ වන විටත් පලකර තිබේ.
ඒ අනුව, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ “පශ්චාත් විශ්‍රාම ප්‍රකාශය” සිදුකළ යුතු සියලුම තැනැත්තන්ගේ 2025.03.31 දිනට ඔහුගේ / ඇයගේ වත්කම් හා බැරකම් 2025.06.30 දින වන විට හෝ ඊට ප්‍රථම එම ප්‍රකාශ තමන් අවසන් වරට සේවයකළ ආයතනයේ ආයතන ප්‍රධානීන් වෙත භාරදිය යුතු අතර, ආයතන ප්‍රධානීන් විසින් දී ඇති උපදෙස් අනුගමනය කරමින් හා අදාළ ඇමුණුම් වල දක්වා ඇති ආකෘතින් සම්පුර්ණකර, එම ප්‍රකාශ සහ තොරතුරු කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුය.
මීට අමතරව, ආයතන ප්‍රධානීන් විසින්, 2023.09.15න් පසු විශ්‍රාම ගිය ඉහත 80 වගන්තියේ සඳහන් සෑම තැතැත්තෙකුගෙන්ම අවුරුදු දෙකක් තුල පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ ලබා ගත යුතු අතර, ඊට සමගාමීව 2025 වර්ෂයට ලබා දිය යුතු පශ්චාත් විශ්‍රාම ප්‍රකාශය 2025.06.30 වන දිනට ලබා දිය යුතුය.
එසේ ලබාදුන් සහ නොදුන් නිලධාරීන්ගේ නාම ලේඛනයක්, 2025.07.01 දින ආයතන ප්‍රධානීන් විසින් කොමිෂන් සභාව වෙත පැමිණීමෙන් හෝ විද්‍යුත් තැපැලෙන් හෝ ෆැක්ස් මඟින් ලබා දිය යුතු අතර, එසේ තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ, දී ඇති කාලසීමවාන් තුලදී ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන් සඳහා පනතේ 90 වගන්තිය ප්‍රකාරව කටයුතු කරනු ඇත.
මේ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පවරා ඇති බලතල ප්‍රකාරව කොමිෂන් සභාව විසින්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 162(2) වගන්තිය සමග කියවිය යුතු 157 වගන්තිය යටතේ සාදනු ලබන රීති 2025 මැයි මස 19 වැනි දින සිට බලාත්මක වේ.
ඒ අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80 වන වගන්තිය ප්‍රකාරව "මාණ්ඩලික නිලධරයා" යන්නෙන් අදහස් වන නිලධරයන් හඳුන්වා දී ඇත.
අදාළ ගැසට් නිවේදනය පහතින්,