ට්‍රම්ප්ගේ අපේක්ෂාව
May 18, 2025 05:48 pm
යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සිදුකළ හැක්කේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග සාකච්ඡා කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර තිබේ.
හෙට (19) දිනයේ තමා රුසියානු ජනාධිපතිවරයා දුරකතනය ඔස්සේ අමතා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
අනතුරුව යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සමග ද දුරකතනය ඔස්සේ ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව හෙට දිනය ඵලදායී දිනයක් වනු ඇති බවට අපේක්ෂා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
වසර තුනකට අධික කාලයකට පසු පළමුවරට යුක්‍රේන හා රුසියානු බලධාරීන් අතර ඍජු සාකච්ඡා පසුගිය සිකුරාදා තුර්කියේ දී පැවැත්විය.