භෞත චිකිත්සක යන තනතුරුවලට උපාධිධාරීන්
May 17, 2025 06:13 pm
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරුවලට උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පවත්වා තිබේ.
ඒ සඳහා පසුගියදා පැවති තරග විභාගයෙන් සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් වෙනුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුර සඳහා 294 දෙනෙකු සහ හා භෞත චිකිත්සක තනතුර සඳහා 200 දෙනෙකු බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට මේ වන විට අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.
ඒ අනුව අද පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වන අයදුම්කරුවන් එම තනතුරුවලට අදාළ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සඳහා බඳවා ගැනීම සිදුවනු ඇත.