න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් පාකිස්තානයට නැතැයි ඉන්දියාව කියයි
May 16, 2025 01:05 pm
පාකිස්තානය වැනි ත්‍රස්තවාදය ඔඩුදුවා ඇති රටකට න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් නැතැයි ඉන්දියාව පවසයි.
ඒ හේතුවෙන් එම අවි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය වෙත පැවරිය යුතු යැයි ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං වැඩිදුරටත් පවසා තිබේ.
පෙහෙල්ගාම් සංචාරක කලාපයේ සංචාරකයින් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය මුල් කරගෙන පසුගියදා පාකිස්තානය සහ ඉන්දියාව අතර යුදමය වාතාවරණයක් නිර්මාණය වුණි.
කෙසේ නමුත් අමෙරිකාවේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය අතර තාවකාලික සටන් විරාමයක් ඇති කරගත්තේ දෙරටේ ජනතාවට යම් සහනයක් උදාකරමිනි.
මෙවන් පසුබිමක පාකිස්තානය සතු න්‍යෂ්ටික අවි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය වෙත පැවරිය යුතු යැයි ඉන්දියාව යෝජනා කරයි.
ත්‍රස්තවාදය ව්‍යාප්ත වී ඇති පාකිස්තානය වැනි රාජ්‍යයක් සතුව න්‍යෂ්ටික අවි පැවතීම ඉතාමත් අවදානම් සහගත බව මෙම යෝජනාව සිදුකර ඇති ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං පෙන්වා දෙයි.
කෙසේ වෙතත් පාකිස්තානය මේ සම්බන්ධව තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.
පෙහෙල්ගාම් ප්‍රහාරයට තමන් සම්බන්ධ බවට එල්ල වන චෝදනාව පාකිස්තානය දැඩිව ප්‍රතික්ෂේප කරයි.
එමෙන්ම තම රට ත්‍රස්තවාදීන්ට රැකවරණ සපයන බවට එල්ලවන චෝදනාවත් ඔවුන් පිළිනොගනී.