දෙරණ 24 පැයේ මහා බත් දන්සලට නන්දෙසින් විශාල පිරිසක්
May 13, 2025 08:56 am
පැය 24 පුරා පැවැත්වෙන මෙරට විශාලතම වෙසක් දන්සල දෙරණ මාධ්‍ය ජාලයේ සංවිධායකත්වයෙන් මේ වන විටත් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි.
ඊයේ (12) රාත්‍රී 7:00ට බත් දන්සලේ කටයුතු ආරම්භ වූ අතර අද (13) උදෑසන 6:00 වනවිට 16,000ක පමණ පිරිසක් දන්සලට සහභාගී වී තිබේ.
දන්සලේ කටයුතු අද (13) පස්වරු 7.00න් අවසන් කිරීමට නියමිතය.
දන්සලට පැමිණෙන ඔබට ප්‍රණීත ආහාර වේලක රස බැලීමට අවස්ථාව හිමිවෙයි.
මෙම බත් දන්සලේ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහ නගර සභාව දෙරණ සමඟ අත්වැල් බැඳගෙන සිටී.