තාවකාලිකව නවත්වා තිබූ පාකිස්තාන සුපර් ලීග් නැවත ඇරඹෙයි
May 13, 2025 02:19 pm
තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ අනුව මැයි 17 වැනි දින නැවත එම තරග ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
එහි අවසන් මහා තරගය මැයි 25 වැනි දින පැවැත්වීමටද නියමිතව ඇත.