ජනතාව බය කරමින් වෙසක් සිරි නැරඹූ තවත් යතුරුපැදිකරුවන් පිරිසක් අත්අඩංගුවට
May 13, 2025 04:07 pm
ජනතාව භීතියට පත් කරමින් ඊයේ (12) වෙසක් දිනයේදී වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 36ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස් කිරීම් සහ යතුරුපැදි සඳහා අමතර කොටස් සවිකරමින් රථවාහන නීති උල්ලංඝනය කළ යතුරුපැදි 36ක් ද මෙහිදි පොලිස් භාරයට ගෙන ඇත.
රථවාහන අනතුරු වළක්වා ගැනීම සඳහා මාතර මූලස්ථාන පොලීසිය විසින් ඊයේ දිනයේදී මාතර නගරයේදී සිදුකළ රථවාහන පරීක්ෂාවකදි මෙම යතුරුපැදි 36 පොලිස් භාරයට ගෙන ඇති අතර අදාළ යතුරුපැදිකරුවන් විවිධ නාද රටා සහිත අමතර උපාංග සවි කර නීති රැසක් උල්ලංඝනය කරමින් මාර්ගයේ ගමන් කර තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගත් යතුරැපැදිකරුවන් බහුතරයක් පුහුණු වීමේ රියදුරු බලපත්‍රය සහිත වයස අවුරුදු 18 -20 අතර පිරිස් වන අතර මෙම පිරිස ගාල්ල, වැලිගම, අකුරැස්ස, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය පැවසීය.
පොලිස් භාරයට ගත් යතුරුපැදි මෝටර් රථ කොමසාරිස්වරයා හමුවට ඉදිරිපත් කර පරීක්ෂාවට ලක් කර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.