සයුරෙන් එතෙර
පුටින් සහ මෝදි අතර සාකච්ඡාවක්
May 13, 2025 02:48 pm
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරටේ සබඳතා සම්බන්ධයෙන් දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියානු ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය විසින් මෙය වාර්තා කර ඇති බවය.
එහිදී නායකයින් දෙපළ රුසියානු-ඉන්දියා සබඳතාවල උපායමාර්ගික ශක්තිය පිළිබඳව සාකච්ඡා කර ඇතැයි පැවසෙයි.
කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති පුටින් එහිදී අග්‍රාමාත්‍ය මෝදි වෙත සිය ශෝකය පළ කර තිබේ.
එමෙන්ම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී අඛණ්ඩ සහයෝගීතාවයේ හදිසි අවශ්‍යතාවය දෙපාර්ශ්වයම අවධාරණය කර ඇත.
එම සංවාදයේදී අග්‍රාමාත්‍ය මෝදි, දෙවන ලෝක යුද ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් ජනාධිපති පුටින්ට සහ රුසියාවේ ජනතාවට සුබ පැතුම් එක් කර තිබේ.
සාම්ප්‍රදායික වාර්ෂික ද්විපාර්ශ්වික සමුළුව සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස අගමැති මෝදි ජනාධිපති පුටින්ට ආරාධනයක් කර තිබෙන අතර එය රුසියානු පාර්ශ්වය විසින් උණුසුම් ලෙස පිළිගෙන ගෙන ඇති බවද සඳහන් ය.