පෙහෙල්ගාම් ප්‍රහාරයේ සැකකරුවන් සැඟවී සිටින ස්ථානය ගැන ඉඟියක්
සයුරෙන් එතෙර

පෙහෙල්ගාම් ප්‍රහාරයේ සැකකරුවන් සැඟවී සිටින ස්ථානය ගැන ඉඟියක්

May 2, 2025   01:32 pm

ඉන්දීය කාශ්මීරයේ පෙහෙල්ගාම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් සිව්දෙනා තවමත් සුරක්ෂිතව දකුණු කාෂ්මීරයේ රැඳීසිටින බවට විශ්වසනීය තොරතුරක් ලැබී ඇතැයි එරට මාධ්‍ය වාර්තාකර තිබේ.

ත්‍රස්තවාදීන් සොයා පොලීසිය දැවැන්ත මෙහෙයුමක් දියත් කරන පසුබිමක මෙම පුවත වාර්තාවීම විශේෂත්වයකි.

මෙවන් පසුබිමක අඛණ්ඩ 8 වැනි දිනටත් ඉන්දු - පාකිස්තාන දේශසීමාවේ හමුදා අතර වෙඩි හුවමාරු සිදුවී තිබේ.

මේ අතර පෙහෙල්ගාම් ප්‍රහාරය සමගින් ඇතිවූ ද්වීපාර්ශ්වීය මතගැටුම මුල්කරගෙන ඉන්දීය ගුවන්යානා සඳහා සිය ගුවන් කලාපය වසා දැමීමට පාකිස්තානය පියවර ගෙන තිබුණි.