මැයි 6 කොටස් වෙළෙඳපොළ කලින් වැසෙයි
May 2, 2025 01:02 pm
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන එළඹෙන මැයි 06 අඟහරුවාදා දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 12:30ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම්දෙයි.
සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය පෙරවරු 9:30 සිට පස්වරු 2:30 දක්වා ක්‍රියාත්මක අතර ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින සාමාන්‍ය වේලාවට කලින් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කිරීමට තීරණය කර ඇත.