නීති විරෝධීව වියලි කහ රැගෙන ආ සැකකරුවන් පිරිසක් නාවික හමුදා භාරයට
April 15, 2025 07:48 pm
නීති විරෝධී ලෙස වියලි කහ තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ සමග ඔවුන් විසින් ගෙන ආ වියලි කහ කිලෝ 145ක තොගයක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
පසුගිය 13 වැනි දින උඩප්පුව කරුකපනේ මුහුදු ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදි සැකකරුවන් හසුව තිබේ.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22-55ත් අතර පසුවන අයවලුන් වන අතර ඔවුන් බංගදෙනිය, වයික්කාල සහ කල්පිටිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවද නාවික හමුදාව පවසයි.
එම සැකකරුවන් පිරිස සහ වියලි කහ තොගය සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කයුතු කර ඇත.