අවුරුදු සමයේ අධිවේගී මාර්ග ආදායම රු මිලියන 273ක්
April 16, 2025 03:39 pm
මෙවර අලුත් අවුරුදු සමයේ ගතවූ දින 6 තුළ අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 787,000ක් ගමන්කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (නඩත්තු හා මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා සඳහන් කළේ, ඉන් රුපියල් මිලියන 273ක ආදායමක් උපයාගෙන ඇති බවය.
ඊයේ (15) දිනයේ පමණක් රුපියල් මිලියන 48ක ආදායමක් ලබා තිබේ.
මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවගේ පහසුව සඳහා අද (16) දිනයේ අධිවේගී මාර්ගවල සියලුම කවුළු විවෘතව තබා ඇති බවද ඒ මහතා පැවසීය.
අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන යම් ආපදාවකට ලක්වූයේ නම් 1969 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම්දෙන ලෙසද ආර්.ඒ.ඩී. කහටපිටිය ජනතාවට දැනුම්දෙයි.