සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වා දෙයි

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වා දෙයි

April 15, 2025   06:27 pm

එළැඹෙන 18 වැනිදා ආරම්භ වීමට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඩී.එස් සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ පෝලිම් මාර්ගය දක්වාත්,

රතු බොක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පොලිම් මාර්ගය,

රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පොලිම් මාර්ගය දක්වාත් මෙම පිවිසුම් මාර්ග හඳුන්වා දී තිබේ.

සිරි දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18 වැනිදා ආරම්භ වන අතර එය පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.