Maliban Presents ගැස්ම වැඩ අල්ලන අවුරුද්ද
April 15, 2025 08:25 am
දෙරණ මාධ්‍ය ජාලයේ Derana Macroentertainment අංශය යටතේ ක්‍රියාත්මක වන “ගැස්ම” කණ්ඩායම මගින් තුන්වන වරටත් සංවිධානය කළ "Maliban Presents ගැස්ම වැඩ අල්ලන අවුරුද්ද" පසුගියදා මරදාන පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
කොළඹ නගරය ලස්සන කරන පරිසර මිතුරන් වෙනුවෙන් පැවැත්වුණු මෙම අවුරුදු උත්සවයට මෙවරත් 150කට අධික පිරිසක් එකතුවිය.
බනිස් කෑම, පොල්ගෑම, බෝතලයට වතුර පිරවීම, වාසනා මුට්ටිය බිඳීම, සංගීත පුටු, විවිධ ඇඳුම් තරඟ, සගයාට කිරි කැවීම, අවුරුදු කුමරා - කුමරිය තේරීම වැනි දවස පුරාම පැවති විනෝද ක්‍රීඩා රාශියකටද සහභාගී වීමේ හා මූල්‍යමය ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවද මෙහිදී ඔවුන්ට හිමි වුණි.
තරඟවලින් ජයග්‍රහණය කළ අයටත් සහභාගී වූ සියලුම පරිසර සුමිතුරන්ටත් Maliban ආයතනය විසින් ත්‍යාග ලබා දීමත් විශේෂත්වයකි.