ලොව පුරා WhatsApp හදිසියේ බිඳ වැටෙයි
April 12, 2025 09:03 pm
මෙටා සමාගම සතු දැවැන්ත සමාජ මාධ්‍යයක් වන WhatsApp සමාජ මාධ්‍ය හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලොව පුරා පරිශීලකයින් 88%කට ආසන්න ප්‍රමාණකට සිය පණිවිඩ යැවීමේ ගැටළුවලට මුහුණ දී ඇති බවය.
එමෙන්ම තවත් පරිශීලකයින් 10කට පමණ එම යෙදුමේ විවිධ ගැටලු පැන නැගී ඇති බවත් තවත් 02%කට පමණ වට්ස්ඇප් වෙත ලොග් වීමේ ගැටලු පැන නැගී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.