පුණ්‍ය කාලය උදා වෙයි

පුණ්‍ය කාලය උදා වෙයි

April 13, 2025   08:57 pm

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා යෙදී තිබේ.

ඒ අනුව පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකැත් සීට්ටුවේ සඳහන් ය.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, හෙට (14) පූර්වභාග 03.21ට ය.