මගීන් නංවාගෙන බීමතින් ගිය බස් රියදුරා පොලිස් නිලධාරියාටත් පාට් දාලා
April 12, 2025 08:15 pm
යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අනතුරට ලක් කිරීමට උත්සාහ කළ බීමත් බස් රථ රියදුරෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ බස් රථය බණ්ඩාරගම සිට රත්නපුර දෙසට ධාවනය වෙමින් පැවති අතර එහිදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පොලිස් කොස්තාපල්වරයාගේ යතුරු පැදිය දෙසට අපරික්ෂාකාරීව ධාවනය කර ඇත.
පසුව අදාළ පොලිස් කොස්තාපල්වරයා බස් රථයේ රියදුරුගෙන් මේ සම්බන්ධව විමසා තිබේ.
එහිදී සැකකාර බස් රථ රියදුරා විසින් බස් රථයේ තිබූ යකඩ පොල්ලක් රැගෙන අදාල පොලිස් කොස්තාපල්වරයාට පහරදීමට උත්සාහ දරා තිබේ.
පසුව පොලිස් කොස්තාපල්වරයා රථවාහන අංශයට ඒ බව දැනුම් දීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව අදාළ බස් රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.