අභිරහස් ලෙස මියගිය දෙදෙනෙකුගේ මළසිරුර සොයාගනී
April 12, 2025 06:27 pm
බදුල්ල - හාලිඇල ස්ථාන දෙකක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුර සොයාගෙන තිබේ.
හාලි ඇල නගරයේ ත්‍රීරෝද රථ නැවතුම්පොළ අසල මාර්ගයේ බෝක්කුවක තිබී මින් එක් මළ සිරුරක් සොයාගෙන ඇති අතර අනෙකු මළ සිරුර හාලි ඇල ප්‍රදේශයේ විහාරස්ථානයක් පිටුපස තිබී සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර හාලිඇල පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.