නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුරක් කුඹුරකින් හමුවෙයි
March 30, 2025 06:24 pm
ගම්පොළ, කුරුදුවත්ත ප්‍රදේශයේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුරක් වගා නොකරන ලද කුඹුරක වැටී තිබීයදී සොයාගෙන තිබේ.
47 හැවිරිදි සිව් දරු පියෙකු වන එම පුද්ගලයා, රැය පුරා නිවසින් අතුරුදන්ව සිට ඇත.
මරණය පිළිබඳ විමර්ශන සිදුකරන පොලීසියට අනාවරණය වී ඇත්තේ සතුන් දඩයම් කිරීමට අටවා තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.
මෙම අවාසනාවන්ත මරණයට මුහුණපා ඇත්තේ කුරුඳුවත්ත, පැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්ය.
වල් ඌරන් දඩයම් කිරීම සඳහා එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් විදුලි කම්බි යොදා මෙම උගුල අටවා ඇති අතර, ඒ සඳහා ඔහු අසල නිවසකින් විදුලිය ලබාගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා සිය නිවසට බීමට ගන්නා ජලය මෙම පුරන් වූ කුඹුරු ප්‍රදේශයෙන් ලබා ගන්නා අතර, එම ජලය පරික්ෂා කිරීමට යාමේදී ඔහුට විදුලිසර වදින්නට ඇතැයි පොලීසිය සැකකරයි.
ගම්පොළ, කුරුදුවත්ත පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත.