පුද්ගලයකුගෙන් මුදල් කොල්ලකෑ සිව්දෙනා රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර
March 26, 2025 05:42 pm
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වැලිකඩ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු රඳවාගෙන ප්‍රශ්නකරන බව කෙසෙල්වත්ත පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ බව දැනුම්දී ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරුවන්ව පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර දී ඇත.
ඒ අනුව අදාළ සැකකරුවන්ගෙන් රදවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය, පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් නියම කළේය.
කෙසෙල්වත්ත පොලිස් වසම තුළදී පුද්ගලයෙකු පැහැරගෙන රුපියල් ලක්ෂ 16ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පිරිස කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.