දෙවිනුවර ඝාතනට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

දෙවිනුවර ඝාතනට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

March 29, 2025   06:03 pm

දෙවිනුවර දේවාලය ඉදිරිපිට වෙඩි තබා සිදුකල ද්විත්ව ඝාතනයට අදාළව රැඳවුම් නියෝග ලබා ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ අනුව වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් පුද්ගලයාගේ බිරිඳ, වෙඩි තැබීමට නියෝග ලබා දුන් දෙහි පොඩ්ඩා යන අයගේ ඥාති සහෝදරයෙකු, වෙඩි තැබීමට පැමිණි සැකකරුවන්ට නවාතැන් ලබා දුන් අයෙකු මෙන්ම තවත් අයෙකුද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් පිරිස අද දින මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 08 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.