කිරි තේ කෝප්පය ගණන් උස්සයි
March 31, 2025 10:24 pm
කිරි තේ කෝප්පයක මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ, කිරි තේ ඉහළ දැමීමට හේතුව වන්නේ කිරි පිටි මිල ඉහළ දැමීම බවය.
හෙට (01) සිට කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පසුගිය 18 වනදා තීරණය කළේය.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත.