සයුරෙන් එතෙර
මියන්මාරයේ ආපදාවෙන් මිය ගිය පිරිස ඉහළ යනු ඇතැයි අනාවරණයක්
March 29, 2025 05:48 pm
මියන්මාරයට බලපෑ භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
ඊයේ පස්වරුවේ මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.7ක ප්‍රභල භූ කම්පනයක් ඇති වූ අතර එහි ප්‍රභලත්වය තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ව තිබුණි.
එමෙන්ම ඊයේ පස්වරුවේ සිදුවූ මෙම භූ කම්පන තත්ත්වයෙන් පසු අද (29) උදෑසන කාලය දක්වා මියන්මාරයට පසු කම්පන තත්ත්ව 14කින් ද බලපෑම් එල්ල වී ඇත.
ඇති වූ මෙම තත්ත්වය හේතුවෙන් මියන්මාරයේ මිලියන ගණනක ජනතාවක් අවදානමට ලක්ව ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
මේ වන විට අදාළ භූ කම්පනයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ තුළ මිලියන 18කට වැඩි ජනතාවක් ජීවත් වන බවත් භූ කම්පන තත්ත්වයෙන් මිලියනයකට අධික පිරිසක් ආපදාවට පත්ව ඇති බවත් එම වාර්තාවල සඳහන් ව තිබේ.
මේ අතර මියෙන්මාර වාර්තා සඳහන් කර ඇත්තේ සෙවීම් සහ ගලවා ගැනීම් මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුවනු ඇති බවත් එය ඉතා අපහසු කාර්යයක් වී ඇති බවත්ය.
මීට හේතුව ලෙස වාර්තා වී ඇත්තේ බර යන්ත්‍රෝපකරණ හිඟය බවටද එම මාධ්‍ය වාර්තාවල සඳහන් ව තිබේ.
මේ අතර එක්සත් ජනපද භූ විද්‍යා සේවයේ පුරෝකථනයන්ට අනුව මියන්මාරයේ මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවා යා හැකි බවත් සිදුවූ පාඩුව රටේ වාර්ෂික ආර්ථික නිෂ්පාදනයද ඉක්මවා යා හැකි බවත් සඳහන් කර තිබේ.
එමෙන්ම විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ භූ කම්පනයෙන් පසු මියන්මාරයේ ගොඩනැගිලි 2,900ක් මාර්ග 30ක් සහ පාලම් 07ක් විනාශ වී ඇති බවය.
මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් විදෙස් රටවල් මියන්මාරයට මානුෂීය ආධාර ලබා දීමට ඉදිරිපත් ව තිබේ.
එහිදී ජාත්‍යන්තර සංවිධාන හරහා මියන්මාරයට මානුෂීය ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් ලබා දෙන බව දකුණු කොරියාව පවසයි.
තවද චීන රජයද කුඩාරම්, බ්ලැන්කට් සහ හදිසි වෛද්‍ය කට්ටල ඇතුළුව ඩොලර් මිලියන 13.77ක ආධාර ලබා දෙන බවද එම චීන ජනාධිපතිවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.