චමෝද් අවසන් පූර්ව වටයට

චමෝද් අවසන් පූර්ව වටයට

March 21, 2025   11:41 am

චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ සමත්ව තිබේ.

ඔහු සිය ඉසව්ව අවසන් කිරීම සඳහා තත්පර 6.70ක කාලයක් වාර්තාකිරීමට සමත්ව ඇත.

මෙම ඉසව්වේ 2වන මූලික තරගයට චමෝද් සහභාගි වූ අතර, එහි පළමු හා දෙවන ස්ථාන හිමිකරගැනීමට අමෙරිකාවේ හා ස්විට්සර්ලන්තයේ ක්‍රීඩකයන් දෙපළක් සමත් වූහ.

ඔවුන් දෙදෙනාගේද තරග නිමි කාලය ලෙස දැක්වූයේ තත්. 6.70ක් ලෙසින්ය.

චමෝද් සහභාගිවන අවසන් පූර්ව තරගයද අද (21) පැවැත්වෙන අතර, එය මෙරට වේලාවෙන් ප.ව. 5.33ට ආරම්භ කිරීමට නියමිතය.

මෙම තරගාවලිය 23වනදා දක්වා පැවැත්වේ.